ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 01දා සිට සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙනු ඇතැයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයක දැක්වෙන්නේ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු නිවාඩු දින 2ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දින වලද කෞතුකාගාරය විවෘත නොකරනු ඇති බවයි.
අනෙකුත් දින වලදී පෙ.ව. 9.00 – ප.ව. 6.00 දක්වා කොළඹ ජාතික කෞතුකාගාරය හා ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව පැවැතෙනු ඇත. අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර විවෘතව තබන වේලාව වන්නේ පෙ.ව. 9.00 – ප.ව. 5.00 දක්වාය.
කෙසේවුවත්, කොළඹ ජාතික කෞතුකාගාරය හා ස්වභාවික විද්‍යා කෞතුකාගාරය නැරැඹීමේ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප.ව. 3.00ටත්, අනෙක් කෞතුකාගාර සඳහා ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප.ව. 4.00ටත් අවසන් වනු ඇත.