යුද්ධයකට වඩා පළිගැනීමකට පෙරලී ඇති ඊශ්‍රායල පලස්තීන යුද්ධය දෙස බලා සිටීමට තවදුරටත් නොහැකි නිසා ඒ වෙනුවෙන් රටක් ලෙස හඬක් නැගීමට සූදානම් බව ‘නිදහස් පලස්තීන සහයෝගිතා කමිටුව’ පවසයි.
ඒ වෙනුවෙන් එම සංවිධානය විසින් පලස්තීන ආක්‍රමණයට විරුද්ධ ව ලංකාවේ සිවිල් සංවිධාන සහ නිදහස අගයන සාමාන්‍ය ජනතාව සමග එක්ව එළඹෙන සිකුරාදා (15) සාමකාමී විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇත.
ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවට නිදහස් පලස්තීනයක් සඳහා වන ව්‍යාපාරයේ සාමාජිකයින් වන අමීන් ඉසඩීන්, හුසේන් ශාමිල්, ටාසි දහ්ලාන්, ඇන්ග්ලිකන් ෆ්‍රැන්සිස්කන් නිකායේ සාමාජිකයෙකු වන සහෝදර ලයනල් පීරිස්, සමස්තලංකා ජමියතුල් උලමා සභාවේ මහ ලේකම් අර්කම් නුරාමිත්, සමඟි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය සහභාගී වී සිටියහ.
මෙහිදී මේ වන විට පලස්තීනයේ දරුවන් ආහාර නොමැතිව දිනෙන් දින මරණයට පත්වෙමින් තිබේ. මෙවන් වූ අමානුශිකත්වයක් ඔබ අනුමත නොකරන්නේ නම් 15 වන සිකුරාදා ප.ව. 3.00 ට බොරැල්ල කනත්ත වටරවුමේ සිට බොරැල්ල කැම්බල් රථගාල දක්වා යන සාමකාමී විරෝධතා පා ගමනට එක්වන ලෙස ඔවුන් ජනතාව වෙත ආරාධනා කර සිටියේය.