මිනුවන්ගොඩ රෝහල ආසන්න ප්‍රදේශයේ නිවසක තිබී T-56 ගිනි අවියක් සහ පතරොම් ඇතුළු ආයුධ තොගයක් සමඟ සැකකරුවෙකු අද (15) දින අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු වන අතර, ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන බවට හඳුනාගෙන ඇත.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ආයුධ සොයා ගෙන තිබේ. එහිදී, සැකකරු සන්තකයේ තිබී පහත සඳහන් දෑ සොයා ගෙන ඇත:
T-56 ගිනි අවියක්,T-56 ගිනි අවියට යොදන මැගසිමක්,T-56 පතරොම් 14ක්,පිස්තෝල අවියක් සහ එහි මැගසිමක්,2.5 mm පතරොම් 9ක්,9 mm පතරොම් 9ක්,පිස්තෝල සහ රිවෝල්වර වර්ගයේ ගිනි අවි 2ක්,කඩු 3ක්,කිනිසි 2ක්
මෙම සිදුවීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.