සියලු ලාංකිකයන්ට පොදුවේ සැමරිය හැකි දිනයක් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම්

 

ජාති, ආගම්, සහ සංස්කෘතික භේදවලින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට එක්ව සැමරිය හැකි “ශ්‍රී ලාංකික දිනයක්” (Sri Lankan Day) ඉදිරියේදී නම් කිරීමට අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම දිනය බොහෝදුරට එළඹෙන දෙසැම්බර් මාසයේදී සැමරීමට හැකි වනු ඇති බවත්, එය පැවැත්වීමට සුදුසු ප්‍රදේශය පිළිබඳව සාකච්ඡාවකින් පසු තීරණය කරන බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා කාලයක සිට ජාති, ආගම්, සහ සංස්කෘතික භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට එක්ව සැමරිය හැකි දිනයක් නම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව අමාත්‍යවරයා පැවසීය. මෙම සැලසුම ක්‍රියාවට නැංවීමට පෙර, ඒ ඒ ප්‍රදේශවල සංචාරය කරමින් ජනතා අදහස් සහ යෝජනා ලබා ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart