උතුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට ඊයේ (14) පස්වරුවේ ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළගොස් තිබේ.
එරට ආපදා අංශ නිවේදනය කර ඇත්තේ තවත් 200කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවය.
ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රදේශයට පැයක් ඇතුළත මි.මී. 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
කිෂ්ට්වාර් හි හිමාලයානු මාතා චන්දි සිද්ධස්ථානය වැඳපුදාගැනීමට යමින් සිටි පිරිසක් මෙම අනපේක්ෂිත ගංවතුරට මුහුණපා ඇත.
ගංවතුර තත්ත්වය ඇතිවන විට සිද්ධස්ථානය වැඳපුදාගැනීමට යමින් සිටි පිරිසක් කඳුකර ප්‍රදේශයේ ප්‍රජා ශාලවක එක්රැස් වී දිවා ආහාරය ලබාගමින් සිට ඇති අතර ඔවුන් එකවර ඇති වූ ජල ගැලීමත් සමග ගසාගෙන ගොස් ඇත.
මීට සතියකට පමණ ඉහත දී උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමග හටගත් හදිසි ජලගැලීමකින් ද පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් විය.
ඒ අනුව සතියක කාලයක් තුළ හිමාල කඳුවැටියේ ආසන්නයේ ඇති වූ දෙවන ව්‍යසනය මෙය වේ.