ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව්වට එරෙහි එක්දින තරග 7ක තරගාවලියකට සහභාගී වීම සඳහා මෙම මස 24 වැනිදා (අගෝස්තු) එරට බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා විමත් දින්සර නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග සියල්ලක්ම ඇන්ටිගුවා දිවයිනේදී ක්‍රීඩාකරන අතර, පළමු එක්දින තරග 4 ක් කූලිජ් ක්‍රීඩාංගණයේදීත්, අවසන් තරග 3 ක් ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.
අගෝස්තු 30 වැනිදා පළමු තරගය ආරම්භ වන අතර, තරගාවලිය සැප්තැම්බර් 15 වැනිදා අවසන් වේ. තරගාවලිය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 16 වැනිදා යලි ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතය.