දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 689 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම ඊයේ (අගෝස්තු 15) දින ක්‍රියාත්මක කර තිබේ.
මෙම මෙහෙයුමේදී, අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 242 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඊට අමතරව, විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේදී රථවාහන වැරදි සම්බන්ධයෙන් ද පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. බීමත් රියදුරන් 100 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කළ පුද්ගලයින් 27 දෙනෙකු ඒ අතර වේ. තවද, රථවාහන වැරදි 3,635ක් සඳහා නෛතික පියවර ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.