උතුරු පකිස්තානයේ සහන කටයුතු සඳහා යොදාගන්නා ලද හෙලිකොප්ටරයක් කඩා වැටී, එහි නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙත සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ අතරතුර, යානය පාලනයෙන් ගිලිහී භූමියට ඇද වැටී තිබේ.
අධික වැසි සහ සුළං තත්ත්වය අතරතුර සිදුවූ මෙම අනතුර පිළිබඳව නිලධාරීන් මෙතෙක් සෘජු ප්‍රකාශන නිකුත් කර නොමැත.