තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඊයේ (අගෝස්තු 17) ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය අද දිනත් ක්‍රියාත්මක වේ.
ඉල්ලීම් 19ක් මුල් කරගෙන ආරම්භ කළ මෙම වර්ජනය ඊයේ පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ අතර, මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් අද දිනයේදී සියලුම තැපැල් කටයුතු අඩපණ වන බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.
මේ අතර, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ, තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් රැසක් දැනටමත් ලබා දී තිබියදී මෙලෙස වර්ජනයක නිරත වීම අසාධාරණ බවයි.