ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා සිය මතය හෙට දින පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, කථානායකවරයා පක්ෂ නායකයින් සමඟ හෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සමඟ සාකච්ඡා නොකර හිතුවක්කාරී ලෙස හෙට දින සිය තීරණය ප්‍රකාශ කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ, හෙට ඇතිවන තත්ත්වය සලකා බලා, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරමින් කථානායකවරයා කටයුතු කරන්නේ නම්, ඔහුට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බවයි.