යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කිට රුසියා-යුක්‍රේන ගැටුම ඉක්මනින් නැවැත්වීමේ හැකියාව පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ යුක්‍රේන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාමට ද හැකි බවයි.
“ඔබාමා දුන්නු ක්‍රිමියාව ආපහු ගන්න බෑ වගේම යුක්රේනයට නේටෝවට යන්නත් බෑ. සමහර දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ!” ලෙස ට්‍රම්ප් අවධාරණය කරන ලදී.
ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිට පවසන්නේ යුද්ධය ආරම්භ වූ ආකාරය සිහිපත් කරගන්නා ලෙසයි.
යුක්‍රේනය සමඟ පවතින ගැටුම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ පසුගියදා ඇලස්කාවේදී පැවති සාකච්ඡාවෙන් පසුව ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිවරයාට බලකර සිටින්නේ ක්‍රිමියා සහ නේටෝ සාමාජිකත්වය නොමැතිව සටන්විරාමය පසෙක තබා සාම ගිවිසුමකට එන ලෙසයි.
එය රුසියාවේ ද ස්ථාවරය වීම විශේෂත්වයකි.
ඇලස්කා සාකච්ඡාවෙන් පසුව පුටින් සිය රටට පැමිණෙන විටදී රුසියානු පාර්ශ්වය පැවසුවේ ‘පුටින් දැනටමත් දිනුම්’ යනුවෙනි.
කෙසේවෙතත් යුද්ධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම උදෙසා එංගලන්තයේ අගමැති කීර් ස්ටාමර් ඇතුළු යුරෝපීය නායකයින් සමඟ නේටෝ මහලේකම් මාර්ක් රූට් සඳුදා සෙලෙන්ස්කි සමඟ අමෙරිකාවේ ධවල මන්දිරයේදී සැලසුම් කර ඇති සාකච්ඡාව සඳහා පැය කිහිපයකට පෙර ට්‍රම්ප් මේ බව පැවසීම ද කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි.