ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්ෂික නිලවරණය කල්යයි!
අද (18) කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය දිනයක් නියම නොකර කල්තැබීමට තීරණය කර ඇත. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැ.ආ.) වී. ප්‍රේමචන්දිරන් මහතාගේ අධීක්ෂණයෙන් කටයුතු කරන නිලවරණ කමිටුව මේ සඳහා අදාළ තීරණය ගෙන තිබේ. එම තීරණය ගන්නට සිදුව ඇත්තේ නොවැළක්විය හැකි හේතුවක් හේතු කොටගෙන බවද පවසයි.
ඉදිරියේදී නව දිනයක් නියම කර එය ප්‍රකාශයට පත් කරන බවද සම්මේලනය සම්බන්ධ වාර්තා සඳහන් කරයි. මෙවර සභාපති ධුරය හා ලේකම් ධුරය සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර, උප සභාපති ධුර දෙක සඳහා අපේක්ෂකයන් නවදෙනෙකු ඉදිරිපත් වී තිබේ. උප ලේකම් ධුරය සඳහා අපේක්ෂකයන් සිව්දෙනෙක් තරගයට ඉදිරිපත් වී ඇත. එසේම භාණ්ඩාගාරික ධුරය සහ උප භාණ්ඩාගාරික ධුරය සඳහා තරගයක් නොමැතිව අපේක්ෂකයන් පත්වීමට නියමිත බව ද වාර්තා වේ.