හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා, අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා මෙම අයදුම්පත ගොනු කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.