ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධි ලබා ගත් පුද්ගලයන් ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් විමර්ශනයක් සිදු කළ බවයි. අදාළ වාර්තාව මේ වනවිට අමාත්‍යාංශයට ලැබී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව, දැනටමත් ගුරු සේවයට එක්ව සිටින ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිළිබඳ තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.