ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අද දහවල් 12:00ට හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
මෙම රැස්වීම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.
විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු, ආණ්ඩුවේ ප්‍රතිචාර සහ හෙට දින පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත කරුණු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.