රජයේ ආයතනවල අනවශ්‍ය ලෙස එකතු වී ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් වන ‘සේරි සතිය’ ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරයි. මෙම වැඩසටහන සැප්තැම්බර් මස 1 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ ආයතන තුළ පිරිසිදු, සුරක්ෂිත සහ සෞඛ්යාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි. එමඟින් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි වඩාත් නිදහසේ හා කාර්යක්ෂමව ඉටු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
වැඩසටහන පහසු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇත.
‘සේරි සතිය’ වැඩසටහන ජාතික ‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන අතර, එහිදී අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා නිසි ලෙස බැහැර කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.