සුපිරි වෙළෙඳසල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් සිලි සිලි මලු නිකුත් කිරීම පාලනය කිරීම සඳහා ඊට බද්දක් හෝ අධිභාරයක් නියම කරන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල පවසයි.
මේ වනවිට සුපිරි වෙළෙඳසල්වලින් නොමිලේ සිලි සිලි මලු නිකුත් කළද, ඔවුන් විසින් රෙදි බෑග් එකක් හඳුන්වාදී තිබෙන බවත්, එය අගය කරන බවත්, එවැනි කටයුතු ප්‍රවර්ධනය කළයුතු බවත් ඔහු කියා සිටී.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටි අතර මුදල් අමාත්‍යාංශය,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළුව අමාත්‍යාංශ රැසක් සමග මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වූ බවත්, පනත් ආදිය වෙනස් කර නීතිමය ප්‍රතිපාදන සලසා ගන්නා තුරු මෙම බද්ද හෝ අධිභාරය පැනවීම සම්බන්ධව යෝජනා කළ බවත් පැවසුවා.
සිලි සිලි මලු සඳහා අවම මිලක් නියම කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවද ඔහු අනාවරණය කලා.