බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (අගෝස්තු 21) දින සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනය අද උදෑසන 8.00ට ආරම්භ වූ බව එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පවසයි.
මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසින් ගැටලු සහගත ලෙස ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමයි.
මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල සේවාවන් රැසකට බාධා එල්ල විය හැකි බව චානක ධර්මවික්‍රම වැඩිදුරටත් හෙළිදරව් කරයි.
ඒ අතරට විකිරණ පරීක්ෂණ, සීටී ස්කෑන් පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම සහ බෙදාහැරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් අයත් වේ.
මෙම තත්ත්වය රෝහල්වල දෛනික කටයුතුවලට සහ රෝගීන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවත් ඔහු පවසයි.