ගාසා තීරයේ දැනට රඳවා සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ සටන් විරාම යෝජනාවකට එකග බවට හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති පසුබිමකයි.
කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරය අල්ලා ගැනීමේ මෙහෙයුම් ඊශ්‍රායලය මේ වන විට ආරම්භ කර ඇති අතර එවන් පසුබිමක ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බවයි