දකුණු ඇමරිකාවට අද දින රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ,එමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ජල කඳක් වන ඩ්‍රේක් පැසේජ් හි ද කම්පන වාර්තා වී ඇති බවයි.
මීට පෙර, භූමිකම්පාව 8.0 ක ප්‍රබලතාවකින් වාර්තා වූ නමුත්, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පසුව එය 7.5 දක්වා පහත හෙලා තිබුණු අතර එමගින් සිදුවූ හානි පිළිබඳ වාර්තා තවමත් ලැබී නොමැත.
විදෙස් නිවේදනයක සඳහන් කර තිබුණේ ගෙවුණු බදාදා සවස බේස් ෆ්‍රෙයි සිට වයඹ දෙසින් කිලෝමීටර් 258 (සැතපුම් 160) ක් දුරින් ඇති වූ රික්ටර් මාපකයේ 8.0 ක භූමිකම්පාවකින් පසු චිලී නාවික හමුදා ජල විද්‍යා හා සාගර විද්‍යා සේවය චිලී ඇන්ටාක්ටික් ප්‍රදේශය සඳහා සුනාමි පූර්වාරක්ෂාවක් නිකුත් කළ බවයි.