බගවන්තලාව පොලිස් වසමේ මාඑළිය රක්ෂිතය තුළ බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ (21) පොලිසිය
විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ හා බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණද පොලිසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස් වයස අවුරුදු 35 සිට 56 අතර පුද්ගලයින් වන අතර, ඔවුන් බගවන්තලාව සහ නෝර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සොයාගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.