2025.08.23 වන දින සවස් කාලයේ ගණේමුල්ල පොලිස් වසමේ පරකන්දෙනිය හෙට්ටිකන්ද ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පිවිසුමේදී ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 529 ක්, හෙරොයින් ග්‍රෑම් 640 ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 589 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු යතුරුපැදියද සමඟින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 22 හා 28 වයස්වල පසුවන වත්තල හා කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි