පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 51 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරී (ASP) ධුරය දක්වා උසස් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, තරග විභාගයකින් පසුව මෙම උසස්වීම් ලබා දුන් බවයි. එම උසස්වීම් 2025 මාර්තු 25 වන දා සිට බලපැවැත්වෙනවා.
මෙම පිරිසට උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රේණිවල සේවය කළ නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළත්.
උසස්වීම් ලැබූ පිරිස අතර කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.