බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සංගීත ප්‍රසංගයක් අවසන් වී පාගමනින් යමින් සිටි පිරිසකට ඊයේ (අගෝස්තු 24) අලුයම ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත. එහිදී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 සහ 20 වයස්වල පසුවන, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.