කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වී සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු මහත්වරුන් විසින් ගොනු කර ඇති ඇප ඉල්ලීම් පෙත්සම් සැප්තැම්බර් මස 23 වැනි දිනට කල් තබා ඇත.
මෙම පෙත්සම් අද (අගෝස්තු 25) දින කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවන ලදී. එහිදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වලට අදාළ නොතීසි තමන්ට තවමත් ලැබී නොමැති බවයි.
මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින්, පෙත්සම්වලට අදාළව කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කර ඇත. ඒ අනුව, මෙම ඇප ඉල්ලීම් පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා නඩුව සැප්තැම්බර් 23 වැනි දින යළි කැඳවීමට නියම කරන ලදී.
සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින්, එම අවසන් තීන්දුව ලැබෙන තුරු තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබේ.