වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (අගෝස්තු 25) දින ඇය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර තිබූ නඩු 07ක් පසුගිය දිනවල කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර තිබුණි. චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.