තමා රජයෙන් ඉවත්වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි.
අද (අගෝස්තු 25) දින සිය ‘X’ (කලින් ට්විටර්) ගිණුමේ පණිවිඩයක් තබමින් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ගේ කැපවීම ස්ථිර බවයි.
ඔහු තවදුරටත් කියා සිටියේ, කිසිදු පැකිලීමකින් තොරව රට නැවත ගොඩනැඟීමේ මෙහෙවරට පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි.