කොළඹදී චීන ජාතිකයින් පිරිසක් විසින් චීන ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් USDT ක්‍රමයට ඇමෙරිකානු ඩොලර් 60,000ක් (රුපියල් මිලියන 180කට ආසන්න) කොල්ල කෑ බවට කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
කොල්ලුපිටියේ ආර්.ඒ. ද මෙල් මාවතේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන හුවා හුයි නැමැති ව්‍යාපාරිකයා පසුගිය සිකුරාදා (අගෝස්තු 22) රාත්‍රී 9.00ට පමණ මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තිබේ. පොලීසියට ලබා දී ඇති කටඋත්තරයට අනුව, ඔහු දිනක් පමණ ගොඩනැගිල්ලක රඳවා තබාගෙන ඇති අතර, පසුව සැකකරුවන් විසින් ඔහුව පාර අයිනේ දමා ගොස් තිබේ.
කොල්ලකරුවන් විසින් ව්‍යාපාරිකයාගේ මුදල් පද්ධතිය හරහා ඩොලර් 60,000ක් කොල්ල කා ඇති බවට චෝදනා එල්ල වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් ඊයේ සවස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇත. තුවාල ලැබූ ව්‍යාපාරිකයා දැනට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී