ඉරාකයේ සිටින සිය හමුදා වහාම ඉවත් කරගැනීම සඳහා අමෙරිකාව සිය කටයුතු කඩිනම් කර ඇතැයි අරාබි මාධ්‍ය වාර්තා පවසයි.
එම වාර්තා පෙන්වාදෙන්නේ මෙහි පියවරක් ලෙස අයින් අල් අසාද් සහ වික්ටෝරියා හමුදා කඳවුරු වහාම ඉවත් කරගැනීමට අමෙරිකාව ක්ෂණික තීරණයක් ගෙන ඇති බවයි.
මේ අනුව අමෙරිකානු හමුදා සිය සාමාජිකයන් ඉරාකයේ අර්බිල් සහ අසල්වැසි අරාබි රටවල් වෙත යැවීම ආරම්භ කර ඇති බව අදාළ මාධ්‍ය වාර්තා කර තිබෙන අතර, “අමෙරිකානුවන් සිය ඉරාක සගයන්ට දන්වා තිබෙන්නේ තම සාමාජිකයන් ඉවත් කරගැනීමේ කටයුතු කඩිනම් කර ඇති බව” යැයි ප්‍රකාශයකු උපුටා දක්වමින් අදාළ මාධ්‍ය අනාවරණය කර ඇත.
කෙසේවෙතත් මෙම තීරණය දෙරටේ ගිවිසුම්වලට අනුකූල නොවන අතර, 2024 සැප්තැම්බර් මාසයේදී අමෙරිකාව නිවේදනය කළේ ඉරාකයේ සිය ජාත්‍යන්තර මෙහෙයුම් අවසන් කරන බවත් සිය හමුදා ඉවත් කරගන්නා බවත්ය.