ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට බාලි දූපත් වෙත පියාසර කරමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානයක ගින්නක් හටගෙන තිබේ.
එම ගුවන් යානයේ එන්ජිමෙන් ගිනි දැල් හටගැනීමෙන් පසු යානය යළි පර්ත් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමටයි ගුවන් නියමුවන් කටයුතු කර ඇත.
මේ හේතුවෙන් ගුවන් යානයේ විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවී ගොස් ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.