හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ බව අද (අගෝස්තු 25) ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. පනතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත තීරණය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අධිකරණය ප්‍රකාශ කළේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.
නඩුකරයට අදාළ ලිඛිත දේශනා තිබේ නම්, ලබන බ්‍රහස්පතින්දා දහවල් 12:00ට පෙර ඒවා ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියෝග කළේය. ඉන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.