රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර, මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අධිකරණයට සෘජුව පැමිණීමට නොහැකි වීම නිසා මෙම ක්‍රමය භාවිතා කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.