දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන අගෝස්තු 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ඔහුගේ දේශපාලන කාර්යාලය විනාශ කිරීමෙන් පසු නීතියට පටහැනිව රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි. අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නම් වරද සිදු කළ බවට චෝදනා ගොනු කර ඇත.