දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක් ලබා දීලා.
පසුව ඒ ප්‍රවෘත්තිය මාධ්‍යයට ආවත් අපි ඒ බව කිව්වේ රනිල් රිමාන්ඩ් කළ රාත්‍රියේමයි.
දිලීපට සහ පැලවත්තට විශේෂ ආරක්ෂාවක් සපයන බව අප එදා රාත්‍රියේම ලිව්වා.
දිලීප බලයට ඉතාම කෑදර මිනිහෙක්. ඔහුගේ සිහිනය නීතිපති පුටුව. ඔහු ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ සහ ජනමාධ්‍යයේ යන නඩු තෝරා ගනිමින්, ඉල්ලා ගනිමින් ඊට ඉදිරිපත් වී ගැලරියට කතා කරනවා.
දිලීප කතා කරන්නේ නඩුව දිනන්න නොවෙයි. ඔහු කතා කරන්නේ අධිකරණයට නොවෙයි. 6:55 නිවුස් බුලටිං එකෙන් නිවුස් බලන රටේ මිනිස්සුන්ට.
කොහොමවුනත් දැන් ඔහුටත් ප්‍රභු ආරක්ෂාවක් තිබෙනවා.
දැන් අප දිලීපගෙන් ඇසිය යුතු ප්‍රශ්නය මේ ප්‍රභූ ආරක්‍ෂාව දිලීපට හිමිවන්නේ රාජකාරීමය කටයුතු වලදී පමණක්ද කියලා.
ඔහු ලඟම නීතිපති දෙපාර්තමේන්තුවේ රූමත් කණිෂ්ට නීතිඥවරියක් සිටිනවා. ඇය දිලීපගේ ‘සමීප’ මිතුරියක්.
දීලීප ඈ සමග එහෙ මෙහේ යන ගමන් වලටත් මේ ආරක්ෂාව ලැබෙනවාද කියා රට සහ මිනිසුන් දැනගත යුතුයි.
දිලීපගේම තර්කයන්ට අනුව එලෙස පුද්ගලික ගමන් සදහා ආරක්ෂාව ලැබෙනවා නම් එය මහජන මුදල් නාස්තියක්.
මතකද නිශාරා ?
ඔය කොළඹ සමාජයේ සල්ලි තියෙන ජයරත්නලාගේ, බලය හොයාගෙන ගිය දියණිය ?
එතුමිය නිසා තමයි හිටපු නීතිපති දප්පුලට දිගටම තනතුරේ ඉන්න උවමනා වුණේ.
තනතුර නැතිවෙච්ච ගමන් නිශාරා තමන් අත්හරින බව දප්පුල දැනන් හිටියා.
දප්පුලට නීතිපති පුටුව අහිමි වීමේ වේදනාව තිබුණේ තනතුර අහිමි වීමටත් වඩා නිශාරා අහිමි වීම.
අන්න ඒ වේදනාවට තමයි දප්පුල පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් ය කියලා තමන්ට එක්ස්ටෙන්ෂන් එකක් නොදීපු තරහව, කෝපය පිට කළේ.
දප්පුල යටතේ ඉතිහාසයේ කිසි දිනක නීතිපති දෙපාර්තමේන්තුවේ නොතිබූ තනතුරක් ඇති කරමින් එය නිශාරාට ලබා දුන්නා.
නීතිපති සම්බන්ධීකරණ නිළධාරිනි.
දිලීප පිරීස් මැතිතුමා නීතිපති වුණ දවසකත් බොහෝ දුරට එම තනතුර නැවත ඇති වේවි.