විජලන තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට, අවශ්‍යනම් පෞද්ගලික රෝහලක හෝ විදෙස් රෝහලක ප්‍රතිකාර ලබන හැකියාවත් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අදහස් පළ කර තිබේ.
අත්අඩංගුවේ සිටි වික්‍රමසිංහ මහතා, බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන යනු ලැබුවේ පසුගිය 23 වනදා වන අතර, ඊයේ උදෑසන ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන්, තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බව නිර්දේශ කර තිබුණි.
මේ අතර, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ඊයේ (26) පස්වරුවේ ඔහු ඇප මත මුදා හැරීමට අවසර ලැබුණි. එහිදී රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් යටතේ වික්‍රමසිංහ මහතාට අත්සන් තැබීමට සිදු විය.
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ නියෝග කළාය.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියම කළේ සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමටය. මෙම නඩුව යළි කැදවනු ලබන්නේ ඔක්තෝම්බර් මස 29 දා වෙයි.