රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන සෞඛ්‍ය තත්වය සළකා බලා ඊයේ දින නිකුත් කරන ලද වෛද්‍ය මණ්ඩල විනිශ්චයකට අනුව ඔහුට ඇප ලබාදීම සිදු කෙරිණි.
අදාළ විනිශ්චය සඳහා සම්බන්ධ වූ වෛද්‍ය මණ්ඩලයේ සිටින වෛද්‍යවරයෙකු වූයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ය. මෙහි දී විශේෂ අවධානයට ලක්වන්නේ ඔහුගේ දේශපාලනයයි. වෛද්‍ය බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායකයෙකු ලෙසද මේ වනවිට කටයුතු කරයි.
මෙම තත්ත්වය යටතේ, එජාපයේ හිටපු නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම සඳහා වෛද්‍ය නිර්දේශය දේශපාලන බලපෑමකට ලක්වී තිබේද? යන්න ගැටලුවකි.