මහව මූලස්ථාන පොලිසියට පැමිණ ප්‍රකාශ ලබා දීමට යද්දී පොලිස් සටහන් පොතේ පිටු දෙකක් ඉරා කටේ දැමූ බවට චෝදනා එල්ලවූ පුද්ගලයෙක් මහව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඊයේ (27) ඇප මත මුදා හැරුණි.
මෙම සැකකරු මහව පොල්කටුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට රජයේ දේපළවලට හානි කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පොලිසිය සදහන් කළේ, මෙම පුද්ගලයා තමාට අපහාස කළේ යැයි පවසමින් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් දා තිබූ බවයි. එහෙත් පළමු වරට පොලිසියට පැමිණිල්ල විමර්ශනය කරන අවස්ථාවේදී සැකකරු නොපැමිණීමත් සමග අනෙක් පාර්ශවයගෙන් ප්‍රකාශ ලබා අවවාද කරමින් එම පැමිණිල්ල අවසන් කර ඇත.
කෙසේ වෙතත්, පසුව නැවත පොලිසියට පැමිණ තම පැමිණිල්ල යළි විභාග කළ යුතු යැයි දැක්වූ සැකකරු පොලිස් පොත බලන ලෙස ඉල්ලීමත් සමග එහි පිටු දෙකක් ඉරා කටේ දැමූ බවයි වාර්තා වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලතුංග මහතාගේ උපදෙස් මත, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බි.එම්. බණ්ඩාර හා පොලිස් සැරයන් අශෝක (35989) මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතියි.