සිසුවියන් දෙදෙනෙකුට සහ තවත් අයෙකු ඇතුලු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දුම්මලසූරිය කට්ටිමහන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
අනතුරෙන් මිය ගොස් තිබුනේ එම ප්‍රදේශයේම පදිංචි 12 හැවිරිදි රිෂිනි නෙතුපමා කුලරත්න සහ 13 හැවිරිදි මිහිදි සෙනායා නිල්නෙතු නැමති සිසුවියයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්වූ 67 හැවිරිදි පාසැල් වෑන් රථ රියදුරු ද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වෙයි.
එමෙන්ම අදාල අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත්ගේ නියෝගයකට අනුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාරවිල මූදූකටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක පුද්ගලයෙක් වෙයි.
පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරු පැය 24ක් නොනිදා සේවය කර ඇති බව අනාවරණය වී ඇති අතර, මියගිය වෑන් රථයේ රියදුරු අනතුර වලක්වාගැනීමට දැඩි උත්සහයක් ගෙන තිබූ බවද පොලිසිය ප්‍රකාශ කර තිබේ.