නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් ශ්‍රාවස්තිපුර – තිඹිරිකඩවල පුරා විද්‍යා භූමියක් බවට සැක කෙරන ස්ථානයක් කැනීම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති බිරිය ඇතුළු සැකකරුවන් 8 දෙනාගේ ඇප ඉල්ලීම යළි ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, සැකකරුවන් ලබන මස 1 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
ඒ ඊට අදාළ නඩුව ඊයේ කැදවූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.
මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරික්ෂා කර බලා ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව ෆැක්ස් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට නියෝග නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඔ දිසාව භාර නියෝජ්‍ය පොලිස්තිපති උදිත් ලියනගේ ද ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.
බිරිය ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් නිදහස් කර මුදා හරින ලෙසට අනුරාධපුර පොලිසියට බලපෑම් කිරීම, නිදන් හෑරීමට ආධාර අනුබල දීම සහ රජයේ දේපල අවභාවිත කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වේ.