රාජිත සේනාරත්න අද රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ .
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඊයේ (අගෝස්තු 28) කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනුණි. එහිදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය කළ නියෝගයකට අනුව ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් විය . ඒ අනුව රාජිත සේනාරත්න අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි
