කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රෝහලෙන් පිටව ගොස් තිබේ.
දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු, සුවය ලැබීමෙන් පසු අද උදෑසන සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය උපදෙස් මත, ඔහු රෝහලෙන් පිටව ගිය බව තවදුරටත් වාර්තා වේ.