කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා ඇති බව එක්සත් ජාතික පක්ෂ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් මහතා අද (අගෝස්තු 29) මාධ්‍ය වෙත පැවසීය.
වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳ ඉදිරි තීරණ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය කියා සිටියාය.