හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ලබන සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අද (අගෝස්තු 29) අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත. උන්වහන්සේට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව වාර්තා වේ.