ඉන්දුනීසියාවේදී පාතාල නායකයන් සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ මේ වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට රැගෙන විත් තිබෙනවා.
අද සවස 5.50ට ඉන්දුනිසියාවේ ජාකර්තා නුවර සිට පැමිණි ගුවන්යානයකින් ඔවුන් රැගෙන විත් ඇත්තේ ඇයගේ දරුවාද සමගින් බව වාර්තා වෙනවා.
ඇයට එරෙහිව රතු වරෙන්තු නොතිබුන හෙයින් ඇය සහ දරුවා මුදා හැරීමට ඉන්දුනීසියානු පොලීසිය කටයුතු කොට ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.