කෘෂිකර්මය සහ සංචාරක යන අංශ දෙකම ප්‍රවර්ධනය වන පරිදි කෘෂි සංචාරක ව්‍යාපාර නිර්මාණය කිරීමට රජය අවධානය යොමු කර ඇති බව වාර්තා වෙයි.
නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ත්‍රිකුණාමලයේ සත්ව නිෂ්පාදන ගොවිපොළක් නැරඹීමට එක්වූ අවස්ථාවේදී මේ බව හෙළිදරව් විය.
ත්‍රිකුණාමල ගොවිපොළ නවීන සත්ව නිෂ්පාදනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන අතරම, කෘෂි සංචාරක ව්‍යාපාරය හරහා ප්‍රජා ජීවනෝපායන් නිර්මාණය කිරීමට කටයුතු සූදානම් කෙරේ.
මෙම ගොවිපොළ ත්‍රිකුණාමලයේ ජන ජීවිතය හා සමීප කරවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙහිදී ප්‍රකාශ කළේය.