කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් අද රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළට

මෙරට සංවිධානාත්මක අපරාධ ජාලයේ ප්‍රසිද්ධ නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් 5 දෙනා රැගත් ගුවන් යානය අද (30) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සදහන් කළේය.

මෙම අපරාධකරුවන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ගුවන්ගත වන අතර, ඔවුන්ව මෙරටට භාර දීමට ඉන්දුනීසියානු රජයේ සම්පූර්ණ සහය හිමිව ඇත.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවටගත් කෙහෙල්බද්දර පද්මේ,කමාන්ඩෝ සලින්ද හෙවත් පිට්ටුවා,පානදුරේ නිලංග,බැකෝ සමන්,තැඹිලි ලහිරු යන පාතාල කල්ලි සාමාජිකයන් රැගෙන එන්නේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රෝහන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ASPවරයකුගේ අධීක්ෂණය යටතේ, ඉන්දුනීසියානු පොලිස් කණ්ඩායමක් සමගයි.

ඉන්දුනීසියාවේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් වීම නිසා, මුලින් සැලසුම් කළ දවසට පෙරම ඔවුන්ව අද දිනයේ මෙරටට ගෙන එන බව ද වාර්තා වෙයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මේ වනවිට ගුවන් තොටුපල පරිශ්‍රයේත් ඉන් පිටතත් රැඳී සිටිමින් ආරක්ෂාව තර කර තිබෙන බව වාර්තා වෙයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart