මිල සූත්රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කරන ඉන්ධන මිල ගණන් සැප්තැම්බර් මසට අදාළ ව සංශෝධනය වී තිබේ.
ඒ අනුව;
- ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි.
- ඔක්ටේන් 92 පෙට්රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ.
- ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ.
- සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.
- ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ.
අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්…