ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා හමුවිය. මෙවැනි නිල සංචාර තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බව එහිදී ඉන්දීය ලෝක් සභාවේ කථානායකවරයා පෙන්වාදී ඇත.
ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම, සභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණය, ඉන්දියානු මාධ්‍යයේ කාර්යභාරය, පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය, උසස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවිය.