යූක්රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වන ඇන්ඩ්‍රි පරුබියි අද (2025 අගෝස්තු 31) බටහිර යූක්රේනයේ ලිවිව් නගරයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මෙම ඝාතනය සිදුව ඇත්තේ කුරියර්වරයෙකු ලෙස වෙස්වලාගත් අයෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් සිටි පරුබියිට පිටුපසින් පැමිණ වෙඩි තැබීමෙනි. එම ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඝාතකයා සොයා ගැනීමට සියලුම අවශ්‍ය බලවේග යොදවා ඇති බව යූක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම සිදුවීම බිහිසුණු මිනීමැරුමක් ලෙස හැඳින්වූ යූක්රේන ජනාධිපතිවරයා, මේ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර ඝාතකයන් නීතිය හමුවට පමුණුවන බවට ප්‍රතිඥා දී ඇත.
මෙම අනපේක්ෂිත ඝාතනය සම්බන්ධයෙන් යූක්රේන දේශපාලන ක්ෂේත්‍රය තුළ කම්පනයක් හා නොසන්සුන්තාවක් ඇති වී තිබේ.