රාජාංගනය පොලිස් වසමේ අංගමුව ප්‍රදේශයේදී 49 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ. ඇය සිය සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් මාස අටක පමණ කාලයක සිට ඇගේ මවගේ නිවසේ ජීවත් වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
තිස්ස – මාතර මාර්ගයේ ලේනමුල්ල හන්දිය ප්‍රදේශයේදී බස් රථයකට යතුරුපැදියක් ගැටීමෙන් 79 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
කල්පිටිය – පාලවිය මාර්ගයේ ඒත්තාල හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකට පදිකයෙකු ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කල්පිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.
වෙන්නප්පුව පොලිස් වසමේ සින්ද්‍රාත්‍රිය මෝයකඩේදී 45 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත. මිතුරන් කිහිපදෙනෙකු සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙන්නප්පුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.